‘පෞද්ගලික පාසල් නියාමනයට‘


පෞද්ගලික පාසල් ගැන සොයා බැලීමට හා නියාමනයට නව පනතක් ගෙන එන බවත්, පිරිවෙන් අධ්‍යාපනය උසස් තැනකට ගෙන එන බවත් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අද ගම්පහදී පැවසීය.

ජාතික පිරිවෙන් දින ප්‍රධාන උත්සවය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතා ඇතුළු ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් ගම්පහ සාම විහාරයේදී පැවැත්විණි.