කොළඹ වරායේ මුහුදු අක්කර 575 ක් ගොඩකරමින් චීන රජයේ අවශ්‍යතා මත පරිසර හානියක් සිදු කරමින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය වහා නවත්වන ලෙස ජනපති හා අගමැති ඇතුළු රජයට බල කරමින් පෝර්ට් සිටි විරෝධතා ජනතා ව්‍යාපාරය හා පරිසර සංවිධාන රැසක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් පැමිණීමට උත්සාහ කළද පොලිස් මාර්ග බාධක යොදා ලංකා බැංකු මාවත වසා තැබිණි. අනතුරුව උද්ඝෝෂකයෝ පාර අවහිර කරමින් පැයකට අධික කාලයක් බිම වාඩිවී සිටියහ.
ඡායාරූප - ශාන්ත රත්නායක


















