‘පෝර සල්ලි ගොවියාට’


සහනාධාර පොහොර  වෙනුවට  ලබන වසරේ සිට එම මුදල ගොවියාට  ලබාදිමට  රජය එකඟතාව පළ කර  ඇතැයි පිවිතුරු හෙටක් ජාතික සභාවේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.

පසට  එක්වන විෂ රසායනික ප්‍රමාණය අවම කරගැනිමේ අරමුණින් රජයෙන්  කළ ඉල්ලිමක් අනුව ජනාධිපති, අගමැති හා කෘෂිකර්ම  ඇමැති මීට  එකඟතාව පළ කර ඇතැයි  කී අතුරලියේ රත්න හිමියෝ  වස විසෙන්  තොර  පාරම්පරික ගොවිතැනට  යළි  මුලපිරිම සඳහා  මෙම වැඩපිළිවෙළ හේතු වනු ඇතැයි  ද කියා සිටියහ.

_DSC1461