දකුණු පළාතට පැවති මහා වැසි දැන් නැවතී තිබේ. නිල්වන් මහා වන ලැහැබ මේ වන විට දුඹුරු වර්ණයෙන් දිස්වී තිබේ.
හිරු කිරණද වෙනදාට වැඩියෙන් පොළව මතට පතිත වී මිනිසුන්ටද වන සතුන්ටද දැඩි පිපාසයක් ඇති කරවමින් පරිසරය වෙනස්කම් සිදු කරමින් පවතී.
කතරගම හම්බන්තොට දිස්ත්‍රික්ක හා ඌව පළාත්හි නියඟයේ ආරම්භය පැමිණ තිබේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙනුයේ යාල අංක 3 කලාපයට අයත් ගල්ගේ වනයේ දිය සොයා ඇවිද යන මුව නාම්බෙකි.


