‘පොහොට්ටුවේ ප්‍රචාරක රැස්වීම්වලට එනවා’‍


(අජන්ත කුමාර අගලකඩ)
 
මහමැතිවරණයේදී තමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුවත්පත් කතුවරුන් හා විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද(05) පැවැති සාකච්ඡාවේදී පැවැසීය.
 
තමා ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග කළ නිසා, මහමැතිවරණයේදී එහි රැස්වීම්වලට සහභාගී වීම ගැටලුවක් නොවන බවද ජනාධිපතිවරයා කීවේය.
 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහමැතිවරණයේදී පොදුජන පෙරමුණේ රැස්වීම්වලට සහභාගී වන්නේදැයි පුවත්පත් කතුවරයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 
තමා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ජනාධිපතිවරණයට පෙර සිට ම ලබාගත් බවද ජනාධිපතිවරයා පැවසීය.