පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදහන් වූයේ නම් එය විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද(24) තංගල්ල කාර්ල්ටන් නිවසේදී පැවති පොහෝදින වැඩසටහනට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසුවේය.
පොලිසිය වගේ ආයතන වලින් ස්නයිපර් එළියට යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. මේව කාට විරුද්ධවද පාවිච්චි කරන්නේ. එක පැත්තකින් කියනවා ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා මරන්න ඉන්නවා කියලා. අපිට මෙහෙන් තර්ජන. කාව මරන්න මේව ගන්නවද කියල අපි දන්නේ නෑ. ජනාධිපතිවරයා මරන්න කියල කුමන්ත්‍රණය කරපු කටහඩවල් ඔක්කොම තියෙද්දී ඒ අයට මුකුත් කරන්නේ නෑ. කාටද කියන්නේ අපි මේව.
ඩොලර් එක ඉහළ ගියා කියන එක ආර්ථිකයට බලපාන්නේ නැත්තේ නැහැ. බලපාන්නේ නැති හැටි පේනවනේ මිනිස්සුන්ට. දැන් ඇයි කාර් වල මිල හිටපු ගමන් වැඩි වුනේ. පිටරටින් ගේන හැම භාන්ඩයකම මිල රුපියල් වලින් වැඩියෙන් ගෙවන්න ඕනනේ දැන්. එතකොට මොකක්ද තත්වය. අපි දැන් හාල්, පරිප්පු, සීනි ඔය හැම එකක්ම ගෙන්වනවා. වගා කරන්නේ නෑනේ. අපේ කාලේ නම් ඔය සමහර ඒව ගෙන්නුවේ නෑ. සීනි කර්මාන්තශාලා දෙකක සීනි ගොඩගහගෙන තියාගෙන ඉන්නවා. ඒව එලියට දාන්නෙත් නෑ.
ඇත්තවශයෙන්ම මේ අය කළමණාකරනයක් කරන්නේ නැහැ.
දකුණේ විතරක් නෙවෙයි දැන් මුළු රටේම පාතාලය හිස ඔසවලා තියෙනවා. උතුරේ ඊටත් වඩා දරුණු විදියට හිස ඔසවලා තියෙන්නේ. උතුරේ ආවා කල්ලිය මර්ධනය කරන්න කියනවා. පොලිසියේ වගකීමක් ඒක. ඔවුන් ක්‍රියාත්මක වෙන්න ඕන. දවසගානේ මිනී මරනවනේ. ඉතිහාසයට වඩා දරුණු විදියට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ කාලයේ මේවා මර්ධනය වුනා. දැන් ආයෙමත් ඇවිල්ලා. රජයට මේව පාලනය කරන්න බැහැ. ‘

