පොලිස් සේවයට බදවා ගනිද්දී හමුදාවට බදවා ගන්නවාට වඩා අධ්‍යාපන තත්ත්වය ගැන බලන බවත්, හමුදාව බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් වශයෙන් කටයුතු කළත් පොලිස් නිලධාරියා හැමවිටම තනිව සමාජය හා කටයුතු කළ බවත්, එහෙයින් බොහෝ දෑ ගැන අවබෝධයක් තිබිය යුතු බවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහරගම තරුණ සේවා ශාලාවේදී පැවති සියපත්විල උත්සවයේදී ලේකම් එලෙස කීය.
එන් කේ ඉලංගකෝගකෝන් පොලිස්පතිතුමා පැවසුවේ වසරේ වරෙන්තු කරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් හා රිය අනතුරු අඩු කිරීමේ මෙහෙයුමක් සාර්ථකව ක්‍රියාත්මක කළ බවයි. මේ වසරේ මත්ද්‍රව්‍ය හා නීති විරෝධි මත්පැන් මෙරටින් තුරන් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
සියපත්විල පළමු වැඩසටහන් විසිපහේ ගීත ගායනා කළ හොදම පොලිස් නිලධාරීන් දස දෙනා ද අද ගීත ගායනා කළහ.

