ශිෂ්‍යයන්ගේ පෙළපාළියට පහර දීම ඉතා වැරදි බව පුරවැසි බලය ව්‍යාපාරයේ ගාමිණී වියන්ගොඩ මහතා කියයි.
‘ශිෂ්‍ය සටන්වලට කාලයක් තිස්සේම පාලකයන් ගැහුවා. එකයි අපි වෙනසක් කළේ. ප්‍රජාතන්ත්‍රවාදය ගේනවායැයි කියන අලුත් පාලනය යටතේ මෙවැනි පොලිස් පහරදීම් කිසි සේත් බලාපොරොත්තු වෙන්න බැහැ.
ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් සාධාරණ ද අසාධාරණ ද, ඔවුන් මෙහෙයවන්නේ කවුද කියාත් සොයා බැලිය යුතුයි. ඒ කුමකින්වත් සිසුන්ට පොලිසියෙන් පහරදීම සාධාරණී කරණය කරන්න බෑ.‘
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් -
‘පොලිසිය අවම භලය භාවිත කළා කිව්වා. පසුගිය ආණ්ඩුව කළෙත් ඕකයි. මුලින් බැටන් පොල්ල, කඳුළු ගෑස්, ජල ප්‍රහාර, රබර් උණ්ඩ ඉන් පස්සේ වෙඩි උන්ඩ. පසුගිය ආණ්ඩුවක් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරද්දි පහර දුන්නා.
මේ පහර දීම සාධාරණී කරණය කරන්න උත්සාහ කිරීමම හොඳම විහිළුවක්. සිසුන් ආයුධ සන්නද්ධව හිටියේ නෑ. ඉල්ලීම් වෙනුවෙන් පාගමන් යන පිරිසට පහර දීම දැඩි ලෙස හෙළා දකිනවා.‘
නීතීඥ ප්‍රතිභා මහානාමහේවා -
‘1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන් වැනි පරිච්ඡේදයේ 14 වැනි වගන්තිය අනුව පුරවැසියන්ට භාෂණයේ නිදහස තිබෙනවා. සාමකාමීව රැස්වෙන්න පුළුවන්.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තිබෙනවා විවියන් ගුණවර්ධන එදිරිව හෙක්ටර් පෙරේරා කොල්ලුපිටිය ස්ථානාධිපති. විලිවියන් ගුණවර්ධන ඇතුළු පිරිස පෙළපාළියක් යද්දි කොල්ලුපිටිය පොලිසිය ළඟින් පෙළපාළිය නවත්වනවා. ඉදිරියට යන්න දෙන්නේ නෑ. පහර දී පෙළපාළිය විසිරවනවා. ඒ ගැන නඩු තීන්දුවේ සඳහන් වෙනවා සාමකාමී පෙළපාළි යා හැකි බව.
පෙළපාළිය සාමකාමී නැති නම් විසිරුවා හරින්න පොලිසියට බලයක් තිබෙනවා. එම බලය අවම බලය විය යුතුයි. අවම බලය අවස්ථාවෝචිතයි.
වැටුණු පසුත් පහර දෙන්න බෑ. එළවා එළවා ගහන්න බෑ. එසේ වී තිබෙනවා නම් මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කළ හැකියි.‘

