විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කරමින් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේ පැවැත්වෙන රැලියේ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් පොලිසියෙන් කපා ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා එම රැලියේ දී කීවේය.
‘උසස් පොලිස් නිලධාරියෙක් මාතර ඉන්නවා. විපක්ෂයේ රැස්වීම්වලට එන සෙනඟ දැකලා ඔහුට බඩඑළිය යනවා.‘
සමරවීර මහතා පැවසුවේ මාතර බෝධිය අවට සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍රවල වයර් කපා ඇති බවයි.
එම ස්ථානවල සිටි නගරවාසීන් පැවසුවේ පොලිසිය නගරය පුරාම අධීක්ෂණයේ යෙදී සිටි බවයි.
(ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්)
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)





























