‘පොලිසිය මන්ත්‍රීවරුන්වත් මායිම් කළේ නෑ‘


බස් ,ත‍්‍රී රෝද රථ,වෛද්‍ය වැඩ වර්ජන, පෙළපාළි ගිය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට කඳුළු ගෑස් එල්ල වීම ආදි සියලූ දේ නිසා ශ්‍රී ලංකාව බරපතල ලෙස මූල්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්බුද ඇති රටක් බවට ලෝක මූල්‍ය විශ්ලේෂකයින් විසින් හඳුනාගෙන ඇතැයි  පාර්ලිමේන්තු මන්ත‍්‍රි හා බන්දුල ගුණවර්ධන මහතා අද (4) පුංචි බොරැල්ලේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

පේ‍්‍රමදාස යුගයෙන් පසුව පළාත් පාළන නියෝජිතයින්ට හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට පොලීසියෙන් ප‍්‍රහාරයක් එල්ල වුයේ ඉකුත් සෙනසුරාදා බවත් එය මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වු දැඩි පහරක් බවත්  ගුණවර්ධන මහතා කීය.

‘අපි හමුවෙන්න එන අයට අවහිර කරන්න කාටද අයිතිය තියෙන්නේ කියන කාරණය විශාල ගැටලූවක් වෙලා තියෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයායි මමයි මේ අප  හමුවීමට එන පළාත් පාලන නියෝජිතයින් ගැන පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් කතානායකවරයාට මේ ගැන දැනුම් දුන්නා. ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ දිගින් දිගටම කල් අරින පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමටයි. පොලිසිය සාමාන්‍යයෙන් කළ යුත්තේ උද්ඝෝෂකයින්ට අවස්ථාව දී ඔවුන්ගෙන් නියෝජිත පිරිසකට පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීමයි. පොලීසියේ රාජකාරී කරන රාළහාමි මහතුන් මේ අපේ පලාත් පළාන නියෝජතයින්ට ඒක්බද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් හමුවීමට බාධා කළා.එය සිදු කළේ ඉතාම පහත් ආකාරයෙන්. එම විරෝධතාවයේ නිරත වූ පිරිස් හමුවීමට මා පාර්ලිමේන්තු පළමු ගේට්ටුවෙන් යද්දී එහි සිටි රාළහාමි මහත්තයෙක් මටත් බාධා කළා.එලෙස රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුදුන් මල්කඩ වැනි පාර්ලිමේන්තුවේ  මහජන නියෝජිතයින්ට හෝ ඔවුන් හමුවීමට එන පිරිස්වලට අදාළ පාර්ලිමේන්තු මාර්ගය මොනයම් හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට ගමන් කරන්න තියෙන මාර්ගය මොනම හේතුවක් නිසාවත් අවහිර නොකළ යුතුයි‘ යැයි ද මන්ත්‍රීවරයා කීය.

web_banduDSC_0054