ඇපල්, මුද්‍රස්පලම්, දොඩම් වැනි රට පළතුරු තොග වෙළෙඳුන්ගෙන් පෙට්ටිවලින් තෝරා නරක් වු පළතුරු ඉවත් කිරීමට පෙර පොලිසිය එම පෙට්ටිවලින් කුණු පළතුරු තෝරා ගෙන තමන් උසාවියට ඉදිරිපිත් කරතියි කොළඹ පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ පවසති. ඔවුහු අද පොලිසියට විරෝධයපාමින් වෙළඳාම් කළහ.
වස විස නැති හොඳ පළතුරු අලෙවි කිරීමට වෙළෙඳුන් පෙළඹවීම තම වගකීමක් බව අසාධාරණ ලෙස කිසිවකුත් අත්අඩංගුවට නොගන්නා බවත් පොලිසිය කියයි.
පිටකොටුවේ පදික වේදිකාවේ 600ක් පමණ පළතුරු වෙළදාම් කරති.
හොඳ පළතුරු සමග නරක් වූ පළතුරු ඇති බව ද, සමහරුන් පළතුරු අඩුබරට කිරන බව ද පාරිභෝගිකයෝ පවසති. එසේම පළතුරු කල් තබා ගැනීම සඳහා විවිධ රසායනික හකතු කරන නිසා ඒවා සෞඛ්‍යාරක්ෂිත නොවන බව ද පාරිභෝගිකයෝ කියති.
නරක් වූ පළතුරු විකුණන වෙළඳුන් සේම අඩු බරට පළතුරු විකුණන වෙළෙඳුන් ද සිටිය හැකි බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමය පිළිගනී.
වැනි පුද්ගලයන්ට දඩුවම් පැමිණවීම පිළිබඳව කිසිදු විරෝධයක් තමනට නැති බවත් ඔවුහු පවසති.
එහෙත් එවැනි කාරණා පදනම් කර ගනිමින් නිවැරදිකරුවන් ද වැරදිකරුවන් බවට පත් කිරීමට තමන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ උප සභාපති එම් කේ ජෝශප් ඇන්ටන් මහතා පවසයි.
සමහර අවස්ථාවල තෝරා ඉවත් කළ කුණු බක්කියට දැමූ පළතුරු අත්අඩංගුවට ගෙන වෙළෙඳුන්ට දඩගසන බව ද ඇන්ටන් මහතා පිවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිම විටක අසාධාරණ ලෙස වෙළෙඳුන් අත්අඩංගුවට නොගන්නා බවයි. එසේම අලෙවිය සඳහා බක්කිය මත තැබූ පළතුරුවල නරක් වූ පළතුරු තිබේ නම් පමණක් අත්අඩංගුවට ගනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියයි.