‘පොලිස් ලොක්කකුගේ ෆිනෑන්ස් කසිප්පු මුදලාලිගෙන්‘


‘මම මාවනැල්ලට එන විට පොලිසියේ ලොක්කා වාහන දෙකක් අරගෙන තිබුණා. එම වාහන දෙකට ෆිනෑන්ස් ගෙව්වේ කසිප්පු මුදලාලීලා. එදා පොලිස්පතිට කිව්වා. විභාගයක් පවත්වා ඔහු වෙන තැනකට මාරු කළා. මිනිහා මං හමුවන්න ආවා මට විශ්‍රම යන්න තව දවස් කීපයයි තියෙන්නේ කීවා. මම වෙන තැනක් හොයලා දෙන්නම් කියා තිබුණත් මිනිහා කාට හරි කියලා ඒක හදාගෙන තිබුණා.‘ යැයි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා මාවනැල්ල ප්‍රදේශිය ලේකම් කාර්යාලයයේ රැස්වීමකදී පැවසීය.

සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවසීය.

‘අද අපේ දේශපාලඥයන් ළග කසිප්පු කාරයන් ඉන්නවා. මැතිවරණ කාලවලදී ඔවුන්ගේ සහාය ගන්නවා. ඔවුන් හාල් මිටියක් දෙකක් ගෙනත් දෙනවා. ඒ නිසා පොලිසියට කියනවා ඔවුන් අල්ලන්න එපා කියලා. මම මාවනැල්ලට එන කොට තිබූණේ එහෙම තත්ත්වයක්.

අද සමාජයේ බොහෝ දෙනා ආගම දහමට ලැදි නැහැ. භික්ෂුන් වහන්සේලා දහම් පාසල පමණක් පවත්වාගෙන ගියාට මදි. ගමටත් ගිහින් මිනිස්සු ගැන බලන්න ඕනෑ. අනුශාසනා දෙන්න භික්ෂුන් වහන්සේලා ගමට ගියොත් මිනිස්සුන්ගේ මනස පෑදේමි. ගමේ අය අඩු තරමින් පෝය හතරටවත් පන්සලට කැදවා ලන්න ඕනෑ. අද සමහරු ආගමික මුවාවෙන් වැරදි වැඩ කරනවා. වෙසක් දින තොරණ ළග කානිවල් වැනි විකාර කරනවා.‘