(වීඩියෝ දසුන් සහිතයි)
අලුතින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතියට එකඟ බව නීතීඥ ජේ සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය මහත්වරු කියති.
නීපති දෙපාර්තමේන්තුවේ එක්තරා පුද්ගලයකුගේ ක්‍රියා කලාපය නිසා එහි විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න මතුවී ඇතැයි ද ඔවුහු පවසති.
යහපාලනය ආ පමණින් අධිකරණයට කලින් පත් කැරුණු විනිසුරුවරුන් ඉවත් වී නැති බව ද, විලංගුවේ සිටිය යුතු පුද්ගලයන් අධිකරණවල කටයුතු කරන බව ද නීතීඥ උපුල් ජයසූරිය මහතා කීවේය.
ඔවුන් එලෙස කීවේ ස්වාධීන රූපවාහිනියේ ‘නඩුව‘ වැඩසටහනට සහභාගී වෙමිනි.
අධිකරණය සම්බන්ධ කාරනා රැසක් ගැන ඔවුහු කතා කළහ.
(වීඩියෝ ස්වාධීන රූපවාහිනී අනුග්‍රහයෙනි)

