‘පොලිස් මුදලාලිට‘ නිධාන විකුණන්න ගිහින් කූඩුවේ


නිධනයකින් ලැබුණු බව කියන දඹ රන් බුදුපිළිමයක් රුපියල්  කෝටි එකහමාරකට පමණ විකිණිමට යද්දී එක් පුද්ගලයකු සැකපිට ඊයේ (05) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

පොලිස් උපාය දුතයකුට කිලෝ පහමාරක් පමණ බරැති පිළිම වහන්සේ විකිණිමට තැත්කරද්දී  අනුරාධපුර පුල්ලෙයාර් හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇත.

 උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාට ලැබුණු තොරතුරක් මත විශේෂ වැටලීම් ඒකකය  මෙම වැටලීම සිදු කළේය.