හබරණ පාරිසරික රක්ෂිතයේ වෙඩි තබා දිවියකු මරා අඩි පහහමාරක් පමණ දිග සම රුපියල් ලක්ෂ දෙකහමාරකට විකිණිමට සුදානම් කැර තිබියදී සැකකරුවන් දෙදෙනකුද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දිවියා දඩයම් කිරිම සඳහා උපයෝගී කැර ගත් බව කියන බෙහෙත් කොටන තුවක්කුවක්ද සැකකරුවන් සන්තකයේ තිබී පොලීසිය අත්අඩංගුවට රැගෙන ඇත.
හබරණ පොලීසියේ ස්ථානාධිපති උපපොලීස් පරීක්ෂක කේ එම් ජී එස් කුලතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිට මෙම වැටලීම සිදු කැර තිබේ.