පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වළේ) පැවැත්වීමට තිබූ නාට්‍ය උළෙල අවලංගු කළ බව එහි කලා මණ්ඩලය පවසයි.
ඉරිදා (9) සිට 15 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය සියල්ල ඒ අනුව අවලංගු කැරුණු අතර ඊට හේතු වූයේ ආරම්භක දර්ශනය වු මනමේ නාට්‍යයට එල්ලවු බිත්තර ප්‍රහාරයක් බව කියති.
උපකුලපතිවරයා හා සියලු පීඨාධිපති වරුන්ගෙන් සමන්විත අනුශාසක මණ්ඩලයේ තීරණයක් මත ඉදිරි නාට්‍යය දර්ශන සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවත් මෑත කාලයේ වළේ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවත් එම විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහැක මහතා පැවැසිය.
සිසුන් මේ පිළිබඳව කිසියම් එකඟතාවකට පැමිණ සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන තාක් කල් ඉදිරියට එළි මහන් රංග පීඨයේ කිසිදු කලා කටයුත්තක් සිදු නොකිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කැර ඇති බවද ඒ මහතා කීය.