ලොව ලස්සනම මුහුදු වෙරළ පිළිබඳ සී එන් එන් රූපවාහිනී ජාලය පැවැත්වූ ජගත් සමීක්ෂණයකදී උණවටුන 79 වැනි ස්ථානයට තෝරාගෙන ඇත.
සැතපුමක් පමණ දිග මෙම මුහුදු තීරය 2004 සුනාමියෙන් වැනසී ගිය පසු යළි පෙර ලස්සන හිමි කරගෙන නැතැයි සී එන් එන් රූපවාහිනිය කියයි.
ලොව හොඳම වෙරළ දහයෙන් පිලිපීනයේ ලූසෝන් වෙරළ පළවැනි තැනට තෝරාගෙන ඇත.
නෝර්වේ පැට්නම් වෙරළ 45 වැනි තැනට ද, ඉන්දියන් සාගරයේ අන්දමන් දූපත්හි රාදා නගර් වෙරළ 64 වැනි ස්ථානයට ද තෝරාගෙන ඇත.