‘පෙම්වතුන්ගේ දිනයක් එපා‘ : ‘ධර්මකාමීන්ගේ දිනයක් ඕනෑ‘


මුලාවන තාරුණ්‍යය දහමින් සනහනු වස් සිදුකරන විශේෂ ‘යොවුන් දහම් සක්මන‘ වැඩසටහන පෙබරවාරි 14 වැනි දා පස්වරු 2 සිට 6 දක්වා කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මහමෙව්නාව භාවනා අසපුව විසින් සංවිධානය කරනු ලබන යොවුන් සදහම් වැඩසටහන විශේෂයෙන්ම ආදරවන්තයින්ගේ දිනයේ මුලාවට හසුවන තාරුණ්‍යය යහමගට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පැවැත්වේ.