‘පෙම්දස් සමරුවට ජනපති‘


දිවංගත රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිගේ 22 වැනි ගුණානුස්මරණ උත්සවය ජනපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අලුත්කඩේ ඒ මහතාගේ පිළිරුව අසලදී අද (1) පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක්ද ඊට එක්වූහ. අවුරුදු 22 ක් පුරා පැවති ප්‍රේමදාස ගුණසමරුව වෙනුවෙන් මෙතෙක් සහභාගීවූ එකම ජනපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉතිහාස ගතවන බව ආර්.ප්‍රේමදාස මහතාගේ පුත් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

ජනපති, අගමැති ප්‍රමුඛව සජිත් ප්‍රේමදාස, හේමා ප්‍රේමදාස, දුලාංජලී ජයකොඩි යන මහත්ම මහත්මීහු ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අතර කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පිළිරුවට මල් දමක් පැළඳවීය.

RDS_5588 RDS_5616 RDS_5638 RDS_5652 RDS_5697 RDS_5716 RDS_5721 RDS_5746 RDS_5772

 

 

 

ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා