‘පෙම් බසය දඹුල්ලට ආවොත් ගහල පන්වනවා‘


උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්වන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කළේය.

ඒ බසයේ මාර්ග බලපත්‍රය අවලංගු කළ යුතු බව ද ඔහු කීවේය.

බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.

බසයේ දී සොයා ගත් දැරියන් දෙදෙනා රෝහල් ගත කර ඇති අතර සිසුන් දෙදෙනාත්, කොන්දොස්තර හා රියදුරාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.