‘පූජනීය ස්ථාන වලට හානි කරන අන්තවාදීන්ට තදින් ක්‍රියාකරනවා’


(චමිල් රූපසිංහ)
 
බුදු පිළිම වහන්සේ කිහිපනමකට හානි කළ බව කියන සිද්ධියට සම්බන්ධ අන්තවාදී කණ්ඩායමේ බොහෝ දෙනෙකු මේවන විටත් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලීසියට උපදෙස් දුන් බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද (28) පැවති මාධ්‍යය හමුවක දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මෙම අන්තවාදී කණ්ඩායම් හින්දු පූජනීය ස්ථානයකටද හානිකර තිබෙන බව දැන ගන්නට ඇතැයි කී අගමැතිවරයා ඒ අයට කිසිදු සහනයක් ලබා නොදෙන ලෙස තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් එහිදී මහතා කීය.

මෙම සිදුවීම් වලින් පූජනීය ස්ථාන වලට සිදුවූ හානි රජය මැදිහත්ව ප්‍රතිපූර්ණය කරන බවද අවධාරණය කළේය.