තාක්ෂණ විෂයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුන්ගේ හා සියලුම විශ්ව විද්‍යාල වල අඩුපාඩු සම්බන්ධව උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරු සමග පසුගිය (29) වන දින සාකච්ඡා කර සිසුන්ගේ අවශ්‍යතාවන් සම්බන්ධව සියලු පහසුකම් ලබා දිමට තීරණ ගනිද්දි සිසුන්ගේ විරෝධතාවයන් හේතුවෙන් මෙවැනි කනගාටුදායක සිද්ධියක් ඇති වී ඇති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එච්එන්ඩීඒ සිසුන්ට පොලිසිය පහරදීම සම්බන්ධයෙන් එසැණ කළ විමසීමකදී පැවසීය.
ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන් විරෝධතාවක නියෙලන බවත් එම සිසුන් හමුවිමට අමාත්‍යංශ ලේකම් වරයා සිසුන් හමුවි සාකච්ඡා කර ගත් තීරණ දැනුම් දීමට සුදානම්ව සිටි බවත් විරෝධතාවයන් හමුවේ පොලිසියට සිසුන්ව අමාත්‍යාංශ ලේකම් වරයා හමුවිම සදහා කැඳවාගෙන ඒමට නොහැකි වූ බවත් සිසුනගේ කලබලකාරී තත්වය මග හරවා ගැනීමට පොලිසිය සමග සිසුන් ඇති කර ගත් ගැටුම දුරදිග ගිය බවත් අමාත්‍ය වරයා පැවැසීය.

