පුත්තලම දිස්ත්‍රික් ධීවර කාර්ලයේ නිලධාරීන්ට වහාම ස්ථාන මාරුවීම් දෙන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
ධීවර නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
සුරුක්කු හා ලයිලා හැඹිලි දැල් භාවිත කිරීම නිසා පසුගිය දිනවල කල්පිටිය ප්‍රදේශයේ උද්ගත වූ සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම සාකච්ඡාව කැඳවා තිබිණි.
සුරුක්කු හා ලයිලා හැඹිලි දැල් භාවිත කිරීම නිසා ශ්‍රී ලංකාවට අයත් ජල තීරයට විශාල හානියක් සිදු වන බවත්, එම දැල්වලට කෙලවල්ලන් හසුවන බවත් ඔවුන් අඩපණ කිරීමට ධීවරයන් ඩයිනමයිට් භාවිත කරන බවත් එම නියෝජිතයන් පෙන්වා දී ඇත. එවැනි ක්‍රියා හේතුවෙන් ඩොල්ෆින් වර්ග හා වෙනත් මත්ස්‍ය වර්ගත්, කොරල් පරත් විනාශ වන බව ද එම පිරිස් පෙන්වා දී ඇතැයි ඒ සම්බන්ධයෙන් නිලධාරීන් කිසිදු පියවරක් ගෙන නැතැයි එම නියෝජිතයෝ පැවැසූ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
එමෙන්ම සඳුදා (31) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හලාවත, කල්පිටිය යන මුහුදු ප්‍රදේශවලින් අල්ලා ගන්නා ලද මසුන් පරීක්ෂාවට ලක් කර ඩයිනමයිට් යොදා ඇත්දැයි පරීක්ෂා කරන්නැයි ද ඩයිනමයිට් යොදාගෙන ඇති බවට තහවුරු වුවහොත් එම ධීවරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා තවදුරටත් උපදෙස් දී ඇත.