පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය අවලංගු කර යළිත් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලමින් පරාජිත ජනසෙත පෙරමුණේ නායක අයි එන් චන්‍ද්‍රදාස හා ප්‍රසන්න සඳරුවන් පෙරේරා මහත්වරු පුත්තලම දිසාපති කාර්යාලයයේ ගේට්ටුව අසල අද(25) උපවාසයක් ඇරැඹූහ.
එම පක්ෂයෙන් තරග කළ විලියම් රාජපක්ෂ,පියදාස විජේසිරි හා ගාමිණි වික්‍රමසිංහ මහත්වරුද සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීල් සිරිවර්ධන හා ජාතික හෙළ උරුමයේ වික්‍රම තෙන්නකෝන් මහත්වරුද ඔවුනට සහාය දෙති.

