‘පුජේමි බුද්ධං කුසුමේනනේන‘


යුරෝපයේප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේඅභිනවයෙන් ඉදිකෙරෙන නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීමේ පිංකම පසුගියදාපැවැත්විණි.

විහාරාධිපති  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකෙරෙන මෙම බුද්ධමන්දිරය වෙනුවෙන් වැයවන මුදල යුරෝ ලක්ෂ 4ක් (රුපියල් හයකෝටි හැට හතර ලක්ෂයක්) පමණ වේ. 

මෙමපිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම ලාඕස්, කාම්බෝජ,වියට්නාම,තායිලන්ත,සහ චීනයයන රටවල බෞද්ධ පින්වතුන් සමග ප්‍රංශ ජාතික දායකදායිකාවෝ විශාල පිරිසක්සහභාගීවුහ. ප්‍රංසයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල වැඩසිටින ශ්‍රී ලාංකිකභික්ෂුන් වහන්සේ කිහිප නමක්ම පිංකම සඳහා වැඩම කර සිටියහ. ඒ අතර පුජ්‍යකොස්ගස්දෙණියේ ආනන්ද නාහිමි මුරුංගස්යයේ ඥානිස්සර නාහිමි, වතෝගලධම්මික හිමි, බලන්ගොඩ ආනන්ද මංගල හිමි, මීවැල්ලෑවේ පඥාතිස්ස  හිමි සහ  මාපලගම ජිනානන්ද හිමියෝ  මේ පිංකමට වැඩම කර සිටියහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් ස්ජ්ඣායනා මධ්‍යයේ පුජ්‍ය චන්දරතන නාහිමියෝමුල් ගල් තැබූහ. අනෙකුත් සංඝයාවහන්සේද පැමිණ සිටි විවිධජාතික බෞද්ධ‍යෝද අනතුරුව මුල්ගල් තැන්පත් කළහ.