ප්‍රාදේශිය මාධ්‍යවේදීන් සඳහා සෑම දිස්ත්‍රික්කයකම මාධ්‍ය ගම්මානයක් සාදා නිවසක් ලබා දිමට ක්‍රමවේදයක් සැකසෙමින් පවතින බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මහනුවරදි පැවැසිය.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා එහිදි අදහස් දක්වමින් පැවසූයේ ලබන වසරේ සිට මෙරට සියලුම මාධ්‍යවේදින්ට පොදු හැඳුනුම්පතක් නිකුත් කරන බවත් ප්‍රාදේශිය මාධ්‍යවේදීන් කියා භූගෝලිය මට්ටමෙන් මාධ්‍යවේදීන් බෙදිය නොහැකි බවද රටේ කොහේ සිටියත් ඔහු මාධ්‍යවේදියෙකු බවත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් කිහිපදෙනකු හා නීතිඥයකුගෙන් සමන්විත කමිටුවක් හරහා නිර්නායකයන් සකස් කර මාධ්‍යවේදීන් තෝරාගන්නා බවත්ය.
රජය විසින් මාධ්‍යවේදින්ට අල්ලස් දෙන බවට යම් යම් සංවිධාන විසින් ගෙන එන චෝදනාව මාධ්‍යවේදීන්ට හොද වැටුපක් දෙන, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය භාවය ඉහළින් තිබෙන, මාධ්‍යවේදීන්ගේ සුබ සාධනය තමන්ගේ මාධ්‍ය ආයතන වලින් සොයා බලන රටවල්වලට හා යම් කලාපවලට නිවැරදි වුවත් ලංකාව, පාකිස්ථානය, බංගලාදේශය හා ආසියා කලාපීය රටවල මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ගැන සොයා නොබලන බවද ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වරයා සදහන් කළේය.