‘පුංචි ඡන්දෙ දිනන්න මහින්ද ඕනෑ‘


ඉදිරි ඡන්දය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් අනිවාර්යයෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ තරග කළ යුතු බව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පැවසීය.

කොළඹ දී අද (26) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව පැවැසීය.

‘අලුත් පක්ෂයක් හදනවාද නැද්ද යන්න නෙමෙයි දැන් ප්‍රශ්නේ. මහින්ද මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වී කෙසේ හෝ ජයගැනීමයි අවශ්‍ය වන්නේ‘ යැයි මන්ත්‍රීවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

web_2016126joint_5402