පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර්තු 31 වැනිදාට පෙර නිශ්චිත වශයෙන්ම පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා කොළඹ දී අද (15) පැවසීය.
මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටුව ඔවුන්ගේ වාර්තාව තමාට ඉදිරිපත් කරන දිනට පසු දිනම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කරන බව ද අමාත්‍යවරයා කීය.
මැතිවරණ සීමා නිර්ණය අභියාචනා කමිටු වාර්තාව මෙම මස 28 වැනිදාට පෙර තමාට ඉදිරිපත් කරන බව එම කමිටුව දන්වා ඇතැයි ද කී ඔහු ලබන 28 වැනිදාට පෙර කමිටු වාර්තාව තමාට ඉදිරිපත් නොකළහොත් එම කමිටුව සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීමට කටයුතු කරන බව ද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොළඹ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා එසේ කීය.


