‘පීසීලා දෙන්නා පැහැරගෙන‘


වලාන දූෂණ මර්ධන අංශයේ පොලිස් නිලධාරීන් 22ක කණ්ඩායමක් උඩවලව ජාතික වනෝද්‍යානයේ කංසා හේන් කිහිපයක් වැටලීමට ගිය බවත්, එක් විශාල කංසා හේනක් වටලා එහි තුබූ කංසා ආරක්ෂාවට ආයුධ සහිත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් තැබූ බවත්, උද්‍යානයේ වන ජීවී ආරක්ෂක නිලධාරීන් විසින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනා පැහැරගෙන ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.