අලුතින් පිහිටුවීමට යන පක්ෂයේ නායකයා ඔබද ඔබේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න බණ්ඩාරගම කුරුස හන්දියේ සුදර්ශනාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු ඇසූහ.
ඔහු එහි පැමිණියේ ශතාධික සාංඝික දානයක් ඇතුළු පිංකමක් වෙනුවෙනි.
‘ඔය සේරම කථා හදන්නේ ඔයගොල්ලෝ‘ යනුවෙන් හිටපු ජනපති ඊට උත්තර දුන්නේය.
ව්‍යාපාරික ඒ.එස්.පී ලියනගේ ඔබට තෑගි දීමට ගිය නාවල පීකොක් මැදුරේ පිහිනුම් තටාකය වැලිවලින් ගොඩ කළේ රත්තරන් සැඟවීමටදැයි තවත් මාධ්‍යවේදියෙක් ඇසුවේය. ‘ඒකෙ හංගලා නෑ. අර ඩොලර් මිලියනය ආපු හැටි අහන්නකෝ.‘ යැයි රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.
මේ පිංකම සංවිධානය කළේ බස්නාහිර පළාත් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාය.



