හිස් භාණ්ඩාගාරයක් අතැතිව ණය කන්දරාවක් ගොඩ ගැසී මෙහොතක රටේ මහපරිමාණ සුබසාධනයක් වෙනුවෙන් ඇරඹෙන නීත්‍යනුකූල ව්‍යාපෘතියකට අකුල් හෙළමින් ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමඟ යවමින් අශීලාචාර දේශපාලනයක් සිදු කළ ආකාරයක් හම්බන්තොට සිද්ධියෙන් ඔප්පූ වූයේ යැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා අද (8) පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
හම්බන්තොට සිද්ධියේදී කැරලිකරුවන්ට පුදුම නිදහසක් ලැබුණු අවස්ථාවක් බවත් ,ගල් මුගුරු අතැතිව පැමිණි පිරිස් පොලීසිය විසින් නොවැළැක්වූයේ නම් එම උත්සවයට සහභාගී වී සිටි අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ,චීන තානාපතිටත්, තමන් ඇතුළු අමාත්‍යවරුන්ටත් එහි පැමිණි මහජනතාවටත් විශාල අනතුරක් සිදුවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා කීය.

