මැතිවරණයක දී හිතුමතේ කටවුට් බැනර් ප්‍රදර්ශනය කළ නොහැකි බවත්, කටවුට් බැනර් ප්‍රදර්ශනයට පළාත් පාලන ආයතන නිසි බදු මුදල් අය කර ගත යුතු බවත් පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ කොළඹ කිරුලපන පැපරල් සංවිධාන ප්‍රධාන කාර්යාලයයේ දී සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා ජනමාධ්‍යවේදීන්ගේ කාර්යභාරය කෙසේ වියයුතු ද යන්න මැයෙන් අද පැවැති වැඩමුළුවක දීය.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් කටවුට් වලට ඉඩ දෙන පළාත් පාලන ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බැවු ද හෙට්ටිආරච්චි මහතා කීවේය.

