එක්සත් ජනතා නිදහස් සන්ධායේ මාධ්‍ය හමුවක් අද (6) විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කර තිබියදී ආණ්ඩුව ජනතාවට කොළය වසා එම ව්‍යවස්ථාවට තවත් පිටු 12ක් එකතු කිරීම නීති විරෝධී මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
එම තීරණය නිසා ජනතාවට ඒ කරුණු සම්බන්ධව අභියෝග කිරීමට ඇති අවස්ථාව අහිමිවූ බවයි.
‘එක එක්කෙනාගේ අස්ස කුලප්පුවට හිතුමතේ ව්‍යවස්ථා සංශෝධනය කිරීමට යෑම භයානක ක්‍රියාවක්‘ යැයි විපක්ෂ නායකවරයා පැවසීය.


