‘මහින්ද පැරදුණානම් යන්න ඕන නම්බුකාර විදියට, මම ගියා. මෙයා ආයෙ ඉල්ලනවා. අනේ මටත් ටිකක් දෙන්න. මොකක්ද මේ. වැඩ කරන්න ඕන නම් ඇවිත් ඔළුව නමාගෙන වැඩ කරන්න.‘ යනුවෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ගම්පහදී පැවැති රැස්වීමකදී කීවාය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා කියලා සමහරු කියනවා. අපේ පක්ෂය දෙකට බෙදිලා නැහැ‘ යනුවෙන්ද කුමාරතුංග මහත්මිය පැවසුවාය.

