‘පැරදුණා නම් මං ඉවරයි‘


ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණු බව මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය පළමු පොළොන්නරු සංචාරයේ දී පැවසීය.

‘මහින්ද රාජපක්ෂ දිනුවා නම් මගේ දරුවනුත් අත්අඩංගුවට ගන්න හිටියා. මට වද හිංසා කරන්න සියලු පිඹුරුපත් සකසා තිබුණා. ‘

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සිරිසේන මහතා තරඟයට ඉදිරිපත් වූයේ එක්කෝ රජ ගෙදර යන්නයි නැත්නම් හිරගෙදරට යන්නයි.

වික්‍රමසිංහ මහතා හිටපු ජනපතිට ද ස්තුති කළේය. රාජපක්ෂ පාලනය ගැන කළකිරී සිටි ඡන්ද දායකයන්ට සිය ඡන්දය දිමට අවස්ථාව සලසා දීම ඊට හේතුව බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

නව ජනපති පිළි ගැනීමට පොළොන්නරුවට අදත් මහ පිරිස් ඇදී ආහ.

සිරිසේන මහතා ළමා කාලයේ සිටම ආ ගිය ධර්ම විජයාරාමයට ද ගියේය.

දහම් පාසල් දරුවෝ රටේ නායකයා එහි දී සෙනෙහසින් පිළිගත්හ.

01(58) 01(59) 02(44) 03(39)