‘පැය 48 නීතිය එපා‘


පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකිවන පරිදි අපරාධ පනත සංශෝධනයට රජය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණ.

‘ජනතාවට මර්ධන කැඳවන අපරාධ පනත් සංශෝධනය පැරදවීමට පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ පක්ෂ ක්‍රියාකාරීහු ඊට එක්වූහ.