කොටදෙනියාව අකරන්ගහ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දී පාසල් සිසුවකු සහ එක්දරු පියකු අත්අඩංගුවට ගෙන නීති විරෝධීව රඳවා තබා ගැනීම හා සිසුවාගේ භාණ්ඩ නැවත ලබා නොදීම සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු පස් දෙනකු වග කිව යුතු බව ඒ සම්බන්ධ විමර්ශන කළ සහකාර පොලිස් අධිකාරීවරයා වාර්තාවක් මගින් දන්වා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

