‘පාසල් පද්ධතියට ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක්’


මෙරට  පාසල්  පද්ධතිය ශක්තිමත් කිරිම සඳහා  ස්වාධීන සුපරික්ෂණ මණ්ඩලයක්  ඉදිරි මාස දෙක තුන තුළදී  පිහිටු වන බව අධ්‍යාපන ඇමැති  අකිල විරාජ් කාරියවසම්  මහතා  පවසයි.
එමගින්  සියලුම රජයේ  සහ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම්  ක්‍රමවේදය සහ  සම්පත්  ආදිය මෙම මණ්ඩලය මගින්  අධික්ෂණයට  හා  ඇගයීමට ලක් කෙරෙන බව කී  ඇමැතිවරයා එම තොරතුරු  ගුරුවරුන් ඇතුළු ඒ පිළිබඳ උනන්දුවක්  දක්වන සියලු  දෙනාටම ලබාදීමට  අපේක්ෂා  කරන බවද කීවේය.
මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ  අද (6) පැවති  වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඇමතිවරයා මේ බව පැවසීය.