කොළඹ මහජන බැංකු මූලස්ථානය ඉදිරිපිට මාර්ග බාධකය ඉවත් කිරීමට උසාවිය නියෝගයක් නොදෙන බව කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
එම මාර්ග බාධකය දැමීමට උසාවියෙන් අවසර නුදුන් නිසා ඉවත් කිරීමට ද උසාවි අවසරයක් අනවශ්‍ය බවත්, බැංකුවෙන් තීරණයක් ගත හැකි බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
බැංකුවේ පහළොස්වෙනි මහලේ කොන්ක්‍රීට් වහලේ කොටසක් කැඩී යෑමෙන් පසුව කොන්ක්‍රීට් කුට්ටි පාරේ බැංකුව පැත්තේ මන්තීරුවක තැබීමෙන් මෙම මාර්ග බාධකය ඉදි කර ඇත.
පාරේ අලුත්වැඩියා කිරීම සඳහා මෙම බාධක ඉවත් කරන ලෙස කොළඹ නගර සභාව ඉල්ලා ඇති හෙයින් උසාවි නියෝගයක් පතන බව බැංකුවේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.