පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වසර 30 කින් පමණ වෙනස් වී නැති බවත් පාර්ලිමේන්තුව පාලනයට ඒවා වෙනස් විය යුතු බවත් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (15) මහනුවරදී පැවසීය.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමි බැහැදැක ආශීර්වාද ලබා ගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සුමතිපාල මහතා පාර්ලිමේන්තු රැස්වීම් සජීවීව විකාශය ආරම්භ කිරිමෙන් පසු මන්ත්‍රිවරුන්ගේ හැසිරීම හා ඔවුන් කරන යෝජනා මෙන්ම සංවාදවලට ඉදිරිපත් වීමේ දියුණුවක් ද ඇති බව කීවේය.


