‘පාර්ලිමේන්තු ඉතිහාසයේ ඵෙතිහාසික දවසක්‘


19 වැනි ව්‍යවවස්ථා සංශෝධනය තෙවැනි වර කියවීමෙන් පසුවත් වැඩි ඡන්ද 211 කින් සම්මතවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඵෙතිහාසික අවස්ථාවට දායකවූ සැමට ස්තූති කළේය.

විපක්ෂ නායකවරයා ප්‍රධාන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන නායකයන්ටත්, ජනමාධ්‍යයටත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, 19 වැනි සංශෝධනයට අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කළ නීති සම්පාදකයන්ටත්, ඒ පිටුපස සිටි සියලු සංවිධාන හා බලවේගවලටත්, මහජනයාටත් සිය ස්තූතිය පුද කළේය.