ජාතික ආරක්ෂාවට හානියක් වීමට කිසි විටෙක ඉඩ නොතබන බව ජනපති පැවසුවත් එය පිළිගත නොහැකි බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ බෙංගමුවේ නාලක හිමියෝ කියති.
‘පාතාලය මර්දනය කරන බව ජනපති පසුගිය දිනකදී අභයාරාමයේදී පැවසු නමුත් පාතාලකාරයන් 2015 ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේදී වැඩ කළේ කොහොමද? මහින්ද රාජපක්ෂ මහතා නැවත දිනුවොත් පාතාලකරුවන්ට ශ්‍රී ලංකාවේ සිටීමට නොහැකි නිසා ගිය ජනපතිවරණයට පෙර ඔවුන් රට පැන්නා‘ යැයිද කී ඒ හිමියෝ මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු පාතාලය ශ්‍රී ලංකාවේ නැවත රජකරන බවද කීහ.


