‘ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම මාරපන බාරගත යුුතුයි‘


කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ සිසුන් නොව පොලිසිය යැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ප්‍රහාරයේ වගකීම මුළුමනින්ම භාරගත යුත්තේ පොලිසිය බාර ඇමැතිවරයා යැයිද එම පෙරමුණ කියයි.

ප්‍රහාරයෙන් පසු අවම බලය යෙදූ බව කියන පොලිසිය මීට පෙර හලාවතදී කටුනායකදී මෙන්ම රතුපස්වලදීත් අවම බලය යොදා ජීවිත විනාශ කළ බව ජවිපෙ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ අවම බලය ඝාතනය දක්වා විහිද යන බවද හෙතෙම කීවේය.

පොලිස් කැරලි මර්දන පාඨමාලාවේදී බැටන් ප්‍රහාර එල් කිරීමට දැනුවත් කර ඇත්තේ ඉනෙන් පහළ ඉදිරිපසින් හා වම් පසින් නමුත් පොලිසිය ඔළුවට පහර දෙන අවස්ථා මෙහිදී දක්නට ලැබූ බවද ජවිපෙ නායකයා පැවසීය.

JVP_20151110875