‘ප්‍රසන්න විතානගේට අප්‍රසන්න නියෝගයක්‘


ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි.

එම චිත්‍රපටය බ්‍රහස්පතින්දා (6) සිට දිවයිනේ සිනමාහල් රැසක ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබිණි.