(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
මන්ත්‍රීවරුන් අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට අදාළ ඇමතිවරුන් මේ සභාවේ අනිවාර්යයෙන් ම සිටිය යුතු බව තමා නැවතත් දැනුම් දෙන්නේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(20) පැවැසීය.
ඒ සම්බන්ධයෙන් අලුත් ස්ථාවර නියෝග පවා හඳුන්වා දී ඇතැයි කතානායකවරයා කීවේය.
කතානායකවරයා මේ බව පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට බොහෝ ඇමැතිවරුන් සභාවේ නැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් චෝදනා කළ අවස්ථාවේදීය.