‘පළිගන්න එපා : නීතිය අතට ගන්නත් එපා‘


අලුත් දේශපාලන සංස්කෘතියක් හා වෙනසක් ඇති කිරීමට මුළු රටම කැමැත්ත පළ කර ඇති හෙයින් පළි ගැනීම් හා නීති විරෝධී ක්‍රියාවලින් වැලකී සිටින්නැයි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ආයාචනය කරයි.

අද උදේ තමා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවූ බව කී වික්‍රමසිංහ මහතා නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බාධාවකින් තොරව නව පදවියේ වැඩ ආරම්භ කිරීමට මං සලසමින් නිල නිවස අරලිය ගහ මන්දිරයෙන් ඉවත්ව ගිය බවත් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ජනපති දිවුරුම් දී වැඩ බාරගන්නා මොහොතේ කිසිවකුත් නීතිය අතට නොගත යුතු බවත් පළිගැනීම් නොකළ යුතු බවත් අවධාරණය කරන වික්‍රමසිංහ මහතා සන්සුන්ව සිටින්නැයිද නීතිය හා සාමය රකින ලෙස පොලිස්පතිගෙන්ද ඉල්ලීමක් කළේය.