පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි එස් කේ විජේසිංහ මහතාට බැණ වැදී පහර දීමට උත්සාහ කළ බව කියන පළාත් සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් පුත්තලම කලාපයේ පාසල් රැසක ගුරුවරු සහ විදුහල්පතිවරු අද (18) ලෙඩ නිවාඩු දමා රාජකාරියට වාර්තා නොකළහ.
ලංකා ගුරු සංගමයේ මෙහෙයවීමෙන් බ්‍රහස්පතින්දා (18) ගුරු විදුහල්පතිවරු පාගමනක් ද පැවැත්වූහ.

