‘පළාත් කීපයකට වැසි ඇති වේ‘


නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් මද වශයෙන් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවල ස්ථාන කීහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.‘

‘පොතුවිල් සිට මාතර හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

‘සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝමීටර්. 20-30 අතර ව්‍‍ෙ‘.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝමීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු වන බව එම දෙපාර්මේන්තුව පවසයි

2015 ජනවාරි මස 24 වැනි දා උදෑසන 05.30 ට නිකුත් කැරිණි.