‘පළාත් කීපයකට මද වැසි‘


උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී  බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි‘.

‘කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.

‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර් 30 - 40 ත් අතර පවතී‘

‘මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටෙක පැයට කිලෝ මීටර්. 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටෙක තරමක් රළු විය හැකිය‘.

2015 ජනවාරි මස 28 වැනි දින දහවල්  12.00 ට නිකුත් කැරිණි.