නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘මධ්‍යම, උතුරු සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රීක්කයෙත් තැනින් තැන වැසි ඇති වේ‘.
‘අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවලට ( මිලි මීටර්100ට වැඩි) තද වැසි හට ගනි‘.
‘දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට ඊසාන දිග මෝසම් සුළං වේගය පැයට කිලෝ මීටර් 50 පමණ අගයක් දක්වා වැඩි විය හැකිය. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසෙ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ‘.
‘ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ‘.
‘සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝ මීටර්. 30-40ත් අතර පවති‘.
‘කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළං විටෙක පැයට කිලෝ මීටර් 50-60 පමණ අගයක් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකියි‘.

